Social Icons

Monday, January 28, 2013

ඒ කාලේ


ඒ කාලේ 


ඉස්සෙල්ලාම එයාව දැක්කේ AL ක්ලාස් යන කාලේ
ක්ලාස් එකේ හිටපු ලස්සනම කෙල්ල නම් එයා නෙමෙයි 
එවුනාට මටනම් අමුත්තක් දැනුනා 
හරියට නිකම් පොද වැස්සකට තෙමෙනව වගේ 
එයා වැරදිලාවත් කොල්ලෙක් දිහානම් බැලුවෙ නෑ  
හොරෙන් බැලුවද දන්නෙත් නෑ 
හරිම ආඩම්බර පාටයි 
අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට හෙන ගැහෙන්න ඕන 
එයත් එක්ක වචනයක්වත් කතා කරන්න චාන්ස් එකක් ලැබුනේ නෑ 
අපේ බැට්ස්මන් ලා අතටම කැච් දීලා අවුට් වෙනවා වගේ 
මමත් නිකම්ම ගේම අත හැරියා මිසක් 
චාන්ස් එකක් ගන්න ට්‍රයි කරෙත් නෑ 
ඔයාලා දෛවය  ගැන  විශ්වාස කරනවද? 
නැත්තම් දැන්වත් විශ්වාස කරන්න පටන් ගන්න 
මෙන්න දෛවයේ සරදම් 
Exam ඉවරත් වෙලා මම කැම්පස් යන කාලේ 
නිවාඩු ඉවර වෙලා අපහු යන ගමන් බස් එකේදී 
එයාලගේ ගෙවල් පහුවෙනකොටම කවදාවත් නැති විදියට 
එයාව ආපහු මතක් උනා 
බස් එකෙන් බැහැලා අනිත් බස් එක ගන්න මම පෝලිමේ ඉන්නවා 
මෙන්න අරයත් බස්ටෑන්ඩ් එකේ ඉන්නවා 
සුදු වෙලා, ලස්සන වෙලා 
ඒත් අර ආඩම්බර පෙනුමනම් තාමත් එහෙමමයි 
බස් එකට නැගල මම වාඩිත් උනා 
අරය තාමත් කවුරුහරි එනකම් මඟ බලනවා 
බස් එකත් හෙමීට යන්න පටන් ගත්තා 
අන්තිම වතාවටත් එයා දිහා බැලුවා 
වෝල්ට් 33000ක් වදිනවා වගේ දැනුන එක පාරටම 
බලාගෙන හිටපු කෙනා ඇවිත් 
මම අහක බලාගත්ත 
ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙනව කියලා තේරුනේ එදා තමයි 
මොනව කරන්නද ඉතින් 
විරහ ගීත සීඩී එකක් කරන්න පුලුවන් තරමට අදහස් ගලා ගෙන ආව 
කිසිම ට්‍රයි එකක් නොදීපු එකේ 
 දුක්වෙන එකේ තේරුමක් නැති බව තෙරෙන්න සති ගානක් ගියා 
බෙල්ල ගහල ගියත් හිත ගිය තැන මාළිගාව හදන්න නම් දෙපාරක් හිතන්න එපා 
Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

2 comments:

  1. kawda kollo?oya ara harischandra 1 paththa siddiya ganada kiyane?

    ReplyDelete
  2. pissu katha kiyanna epaa bn, meka wena cn ekak. uba gama kanna hadanawa ne

    ReplyDelete