Social Icons

Saturday, March 17, 2012

මිලිනවු ආදරය

පොද වැස්සෙ සිතලට
 ගුලිවෙලා තෙමි තෙමිම
එක කුඩෙන් හිටිය හැටි
මතකයිද දොළ අයිනේ
තනි වෙලා අඩ අදුරේ

වැසි දියත් දොළ දිගේ
පහලටම බැස ගිහින්
දොළ අයිනෙ පිපුන මල්
පරවෙලා අද සොවින්
අඩනවා තනිකමට

ඔබ ඇවිත් මතකයට
ගලන කදුළැල් වලින්
අතිතය මතු වෙලා
ගෙවුන ඒ මල් සමය
කොයි කියා අහනවා

ඔබ ගියා දුර ඈත
නොඑන්නට කිසි දිනෙක
තනි කරල මා සදා
නොපැතුවම විලසින්
ගං දියේ සැගවිලා

හන්තානට පායන සදේ ඇත්ත කතාව

හන්තානේ ලස්සන සද
 ඔබ දැක්කම පරදිනවා
සරසවි බිම විකසිත  මල්
ඔබ වගේම හිනහෙනවා

මහවැලියේ සිහිල් ජලය
ඔබෙ කටහඩ මුමුණනවා
හමන සුළග සීතල වී
ඔබෙ ගත සිත සනසනවා

මගේ තනිය මකා ගන්න
මම ගී වැල් මුමුණනවා
ඔබේ ලගට සිහිනෙන්වත්
ඇවිත් යන්න මම එනවා

මගෙ මතකය ඔබ දැම්මොත්
මහවැලියත් උතුරනවා
උතුරන ජල සුළි මැද්දේ
මගේ මළ කද තනි වෙනවා

කවදා හෝ ඔබ එනකම්
මග බලාන මම ඉන්නම්
වෙනද ලැබුනු ආදරයම
එලෙසම ගෙන එනවානම්

සැබෑ අදරය

සැබෑ අදරය


මන්දාරම් අහස් කුසට
පෑයූ රන් තරුවයි ඔබ
වියලි කතරකට වැටෙනා
මුතුවන් පිණි වැස්ස‍‍යි ඔබ
මගේ නෙතින් වැටෙන කදුළු
පිසිනා රන් දෑතයි ඔබ
ඔබයි අම්මෙ සුර දෙවගන
ආදරයට උපමා වන

කොල්ලන්ට වෙන දේ

කොල්ලන්ට වෙන දේ (updated)

part 1
කතා කරන ඇස් වලින්
දගකාර හිනාවෙන්
මගේ දිහා බලාගෙන
කියපු ලස්සන කතා වලට
මගේ හීන අලුත් වුනේ
මටවත් හිතාගන්න බැරි විදියට
ඉට පස්සෙ මම ක්ලාස් ආවෙ
ඔයාව බලන්න
ඉඩ තිබුන වෙලාවට ඉගෙන ගත්තෙ නැත්තෙමත් නෑ
ලෙ‍ඩෙ ටික ටික බරපතල උනා
ඇස් වලින් කියපු කතාව
කටින්ම අහගන්න ඕන වුනා
ලස්සනට ලියපු ලියුම 
ඇයි ඔයා ගත්තෙ නැත්තෙ කියලා
ඔයාගෙන් අහනවමයි කවදහරි
හමුවුන දවසක
කතාව ඉවර උනේ මට pure එපා වෙලා
ඔයා exam ගොඩ ගියා
මම තාම class යනවා

part 2
නොහිතපු විදියට ඔයාව අපහු හමු වුන 
මමත් යම් තරමකට ගොඩ ගිහින් 
ඔයා මට වැඩිය ගොඩ ගිහින් 
කතාව ටික ටික අඳිල ගියා 
ලියුම ගැන අහන්න පුලුවන් තත්වයක් තිබුනේ නැ 
ඔයාට කොල්ලෙක් ඉන්නව් කියලා 
ඔයාගෙ කටින්ම කිය වුනාට පස්සේ 
වෙන මොන කතාද 

මෙහෙම් දෙයක් වෙන කාටවත් වෙන්න එපා 


සරසවි දුක් ගීය

සරසවි දුක් ගීය

සොදුරු සරසවි බිමේ
දුටුවෙ ලස්සන ඔබේ
හිමි නැතත් මට අනේ
පෙම් බදියි සිත මගේ

සොදුරු සිනහව ඔබේ
මත් කරා සිත මගේ
පුංචි ඇස් මිණි වගේ
මැවි පෙනේයි හැම වෙලේ

ඔහු සමග ඔබ එදා
අත ඇගිලි පටලවා
ගිය විලස හින හිලා
හද දවයි රෑ දිවා

සොදුරු ආදර හගුම්
රැදේවා හැම දිනේ
ඔහු සමග ඔබ තුටින්
එක්ව ඉනු හැම දිනේ

පාළුවයි තනිකමයි
මට උරුම මේ භවේ
පතමි ඔබ හා ඉන්න
හැකිටවන්න මතු භවේ