Social Icons

Wednesday, March 13, 2013

තවම සොයමි මම


තවම සොයමි මම 


තනිකම විතරයි අද ඔබ වෙනුවට
දුක විතරයි හිත තුලින් තැවෙන්නට
දකින පෙනෙන සැම තැනකම
ඔබව සොයනකොට
කවදා නම් ජීවිතය විඳින්නද
හදවත ලස්සන හිත යන ලස්සන
දෙකම තියෙන ඔබ
තවම සොයමි මම 


Friday, March 1, 2013

අඬන්න මට කඳුළු දෙන්න



ඈත අහස දෙස බලාන
දිලෙන තරුවකට මාගේ
හිතේ තියන දුක කියන්න
දෑස රිදෙන තුරු හඬන්න
අඬන්න මට කඳුලු දෙන්න

ජීවිතයේ තනිකම නිවෙන්න
සිනහව යලි කැන්ද ගන්න
දැඩි සිතකින් පෙරට යන්න
හිතේ තියන දුක නිවෙන්න
අඬන්න මට කඳුළු දෙන්න

නිල් අහසට කවි ලියන්න
සොම්නස පිරි ගී ගයන්න
නැවතත් මට හිනාවෙන්න
දොම්නස මගෙ පහව යන්න
අඬන්න මට කඳුළු දෙන්න

By: Dilini Thilakarathne

ඔබේ දෙනුවන්

ඔබේ දෙනුවන්
මොහොතකට හෝ
තනි වේවි
දහසක් නුවන් මැද

ඔබේ හදවත
ගොළු වේවි දිනයක
හුරුපුරුදු හිනැහෙන
හදවතක් ළඟ

ඔබේ සිනහව
මියයාවි සිටියත්
සොම්නසින් පිරි
ලෝකයක් මැද

ඔබේ සිතිවිලි
දිවයාවි දුර
ඈත නොපෙනෙන
අතීතයකට

ඒ නිහඬ සිතිවිලි
හිදීවී නුඹ ළඟින්
තනිනොතනියට සැම විට

By : Dilini Thilakarathne