Social Icons

Friday, January 18, 2013

ආදරයට පාඩමක්


ආදරයට පාඩමක් 


ආදරය කියන්නේ විශ්වාසය
ඒත් විශ්වාසය රැකගෙන ඉදල විතරක් මදි 
තමන්ගේ ආදරය, තමන් ආදර කරන කෙනාට  පෙන්නන්නත් ඕන 
පුළුවන් තරම් ලගින් ඉන්න උත්සාහ කරන්න ඕන 
එහෙම නතුව,
 ' ඔයා දන්නවනේ මොනව කරත් මම ඔයාට ආදරෙයි කියල ' 
කිය කිය වැඩිකල් ආදරයක් ගෙන යන්න බැහැ 
ඒ වගේම සමාව දෙන එකත්, ඉක්මනටම තරහ අමතක කරන එකත් 
ගොඩාක් වැදගත් 
හැමෝම මිනිස්සු හැමෝගෙම අතින් වැරදි වෙනවා 
වෙච්ච වැරද්ද අතපසු වීමක් නම් 
එහෙමත් නැත්තම් පොඩි දෙයක් නම් 
පුළුවන් ඉක්මනින් සමාව දෙන එක වැදගත් 
මොකද ආදරය කරන්න පටන් ගන්නේ 
ජීවිත කාලයේම එකට ඉන්න බලාපොරොත්තුවෙන් නිසා 
තමන් ආදරය කරන කෙනාට ආදරය වැඩි වෙන්න වැඩි වෙන්න 
එයා අතින් වෙන පොඩි දේටත් ගොඩක් හිත රිදෙනව තමයි 
ඒත් ඒ හිත පුළුවන් තරම් ඉක්මනට ආපහු හදා ගන්න 
හැබැයි ඉතින් ආදරය කරන අය අතරේ පොඩි වලියක් යන එකනම් 
අසාමාන්‍ය දෙයක් නෙමෙයි 
ඒවගේ දේ වලිනුත් ආදරය වැඩි වෙනවා ගොඩක් වෙලාවට 
වැදගත්ම දේ තමයි ආදරය වෙනුවෙන් කැපවීම් කරන්න සූදානමින් සිටීම 
ආදරය කියන්නේ ජීවිතයට ගොඩාක් වටින දෙයක් 
එවගේ දෙයක් වෙනුවෙන් කැපවීමක් කරන්න බැරි කෙනෙක් 
ආදරය කරන්න සුදුසු නෑ 

Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment