Social Icons

Sunday, November 3, 2013

අහිමි සරසවි පෙම

අහිමි සරසවි පෙම



අහිමි සරසවි පෙමක

මතක යලි යලි නැගෙන
දුරක නොව ඔබ ලගම
සැරිසරයි නෙත් මානයෙම



විටෙක ඔබ හා තැනක
ගෙවන කාලය මැවෙන
නමුදු බැහැ මුනගැසුම
දුරින් පමනි ඔබ දැකුම

පණිවිඩ ඔබ මා අතර
පියඹයි රෑ වෙබ් අතර
හැඟුමන් සිරවී සිත් අතර
රිදුම් දෙනවා නේ නිතර

රුව ඔබේ හැඩකාර
වෙන වේද හිමිකාර
හිත මගේ දඟකාර
අන් සතුයි සැකනෑර

Wednesday, March 13, 2013

තවම සොයමි මම


තවම සොයමි මම 


තනිකම විතරයි අද ඔබ වෙනුවට
දුක විතරයි හිත තුලින් තැවෙන්නට
දකින පෙනෙන සැම තැනකම
ඔබව සොයනකොට
කවදා නම් ජීවිතය විඳින්නද
හදවත ලස්සන හිත යන ලස්සන
දෙකම තියෙන ඔබ
තවම සොයමි මම 


Friday, March 1, 2013

අඬන්න මට කඳුළු දෙන්න



ඈත අහස දෙස බලාන
දිලෙන තරුවකට මාගේ
හිතේ තියන දුක කියන්න
දෑස රිදෙන තුරු හඬන්න
අඬන්න මට කඳුලු දෙන්න

ජීවිතයේ තනිකම නිවෙන්න
සිනහව යලි කැන්ද ගන්න
දැඩි සිතකින් පෙරට යන්න
හිතේ තියන දුක නිවෙන්න
අඬන්න මට කඳුළු දෙන්න

නිල් අහසට කවි ලියන්න
සොම්නස පිරි ගී ගයන්න
නැවතත් මට හිනාවෙන්න
දොම්නස මගෙ පහව යන්න
අඬන්න මට කඳුළු දෙන්න

By: Dilini Thilakarathne

ඔබේ දෙනුවන්

ඔබේ දෙනුවන්
මොහොතකට හෝ
තනි වේවි
දහසක් නුවන් මැද

ඔබේ හදවත
ගොළු වේවි දිනයක
හුරුපුරුදු හිනැහෙන
හදවතක් ළඟ

ඔබේ සිනහව
මියයාවි සිටියත්
සොම්නසින් පිරි
ලෝකයක් මැද

ඔබේ සිතිවිලි
දිවයාවි දුර
ඈත නොපෙනෙන
අතීතයකට

ඒ නිහඬ සිතිවිලි
හිදීවී නුඹ ළඟින්
තනිනොතනියට සැම විට

By : Dilini Thilakarathne

Tuesday, February 19, 2013

Exam


Exam


අකමැතිම දවසක
අකමැතිම කාලෙක 
ඇසුනු අකමතිම වචනය 
Exam ලඟම එනවළු 

කොහෙන් පටන් ගන්නද 
කවද පටන් ගන්නද 
කොහොම මතක තියා ගන්නද 
නැති නෝට්ස් කොහෙන් හොයන්නද 

දැල් බැඳුනු මතකය 
කොහොම අලුත් කරන්නද 
කොහෙම නිදිවරන්නද 
උදෙන් නැගිටින්නේ කොහොමද 

Exam ලඟයි අනේ 

Sunday, February 17, 2013

වැලන්ටයින්



වැලන්ටයින් 


රතු රෝස මල් සමඟ 
නේකවිඳ සිහිවටන 
සමඟ තනිව හුදකලාව 
පුද දෙයි සියලු දේම 
ආදරයේ නාමයෙන් 

ආදරය නොහදුනන 
ජීවිතය නොතේරෙන 
රාගයෙන් සිහි නැතුව 
අයියෝ අහිංසක කෙල්ලෝ 
විනාස වෙයි 

ආදරය පමණක් නැති 
වැලන්ටයින් දින තොසින් 

Monday, February 4, 2013

දුක


දුක 


දුක කියන්නේ අපි හැමෝටම උරුම දෙයක් 

අඩු වැඩි වශයෙන් අපි හැමෝටම දුක් විදින්න වෙනවමයි 
කෙනෙක්ගේ දුකක් තෙරුම් ගන්න පුලුවන් 
දුක් විදපු කෙනෙක්ට විතරමයි 
ඒවගේම කෙනෙක්ගේ දුකක් නැතිකරන්න පුලුවන් 
එයාට වඩා දුක් විදපු කෙනෙක්ට විතරයි 
කොහොමද දුකෙන් ගැලවෙන්නේ 
ගැලවීමක් නම් නෑ 
ඉපදුනා නම් දුක් විදින්නම වෙනවා 
හිත හයිය නම් 
දුක දරාගන්න පුලුවන් හැකියාව වැඩියි 
කෙනෙක්ට දුකක් නොවී ඉන්න පුලුවන් නම් 
සමහරවිට ඔයාට දුකෙන් මිදෙන්න පුලුවන් වෙයි 

Wednesday, January 30, 2013

AL රිසල්ට්ස්


AL රිසල්ට්ස්


 AL රිසල්ට්ස් කියන්නේ හරි පුදුම දෙයක් 
එනව කියන දවසට කවදාවත් එන්නේ නෑ 
එයි කියල හිතන රිසල්ට් එක එන්නෙත් නෑ 
මොන රිසල්ට් එක ආවත් මදි වගේ 
ඒව කමක් නෑ කියමුකෝ 
ජීවිතේට කෝල් කරන්නේ නැති අය රිසල්ට් ආපු දාට කෝල් කරනවා
 රිසල්ට් එක අප්සට් නම් එකම ගෙදරින් කෝල්ස් දෙක තුන එනවා 
අවුරුදු දෙකක් කාපු කට්ට අමතක වෙනවා කෝල් වලට උත්තර දෙන්න ගියාම
 ඒවත් කමක් නෑ කියමුකෝ එකට හිටිය යාලුවට අපිට වඩා රිසල්ට්ස් වැඩි වුනොත් එහෙම... 
ගෙදර ඉදලත් හමාරයි අම්මයි තාත්තයි වෙනද වගේ නෑ 
අන්තිමට අපේ රිසල්ට් එක ගැන සතුටු වෙන්නේ අපි විතරයි
 රිසල්ට් අහන අය, exam ලියපු කෙනාගේ මනසික තත්වේ ගැනත් පොඩ්ඩක් හිතුවොත් 
මේලෝකේ කොච්චර සුන්දර තැනක් වෙයිද........... 

තමන් ෆේල් වෙනකම් බලන් ඉන්න කෙනෙක් රිසල්ට් ඇහුවම 
ෆේල් කියල එයාව සතුටු කරන්න පොඩි බොරුවක් කියන්නත් අමතක කරන්න එපා 

Tuesday, January 29, 2013

තනිකම


තනිකම 


තනිකම පමණයි තනියට 
ආදරයක් නෑ හිත ලඟ 
හිතට  දැනෙන්නේ දුක විතරද 
දුක කියන්නේ හිත  කාටද 
දකින ආදරය හිත රිදවයි තව 
ඇසෙන පෙම් ගීත හිත හඬවයි තව 
තනිව පාළුවෙන් දවස ගෙවනකොට 
කුමක් පතන්නද  ජීවිතයෙන් හෙට 
ආලෝකය නැති අදුරු රාත්‍රිය 
වාගේ ලතවෙන තනිකඩ ලෝකය 

ඔයා


ඔයා 


සසර පුරාවටම හෙව්වේ ඔයාව 
හැම තප්පරයකම හිතුවේ ඔයා ගැන 
හැම දවසක්ම ප්‍රාර්ථනා කරේ ඔයා එක්ක ඉන්න 
මගෙ ජීවිතේම ඔයාම විතරයි 







Monday, January 28, 2013

ඒ කාලේ


ඒ කාලේ 


ඉස්සෙල්ලාම එයාව දැක්කේ AL ක්ලාස් යන කාලේ
ක්ලාස් එකේ හිටපු ලස්සනම කෙල්ල නම් එයා නෙමෙයි 
එවුනාට මටනම් අමුත්තක් දැනුනා 
හරියට නිකම් පොද වැස්සකට තෙමෙනව වගේ 
එයා වැරදිලාවත් කොල්ලෙක් දිහානම් බැලුවෙ නෑ  
හොරෙන් බැලුවද දන්නෙත් නෑ 
හරිම ආඩම්බර පාටයි 
අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට හෙන ගැහෙන්න ඕන 
එයත් එක්ක වචනයක්වත් කතා කරන්න චාන්ස් එකක් ලැබුනේ නෑ 
අපේ බැට්ස්මන් ලා අතටම කැච් දීලා අවුට් වෙනවා වගේ 
මමත් නිකම්ම ගේම අත හැරියා මිසක් 
චාන්ස් එකක් ගන්න ට්‍රයි කරෙත් නෑ 
ඔයාලා දෛවය  ගැන  විශ්වාස කරනවද? 
නැත්තම් දැන්වත් විශ්වාස කරන්න පටන් ගන්න 
මෙන්න දෛවයේ සරදම් 
Exam ඉවරත් වෙලා මම කැම්පස් යන කාලේ 
නිවාඩු ඉවර වෙලා අපහු යන ගමන් බස් එකේදී 
එයාලගේ ගෙවල් පහුවෙනකොටම කවදාවත් නැති විදියට 
එයාව ආපහු මතක් උනා 
බස් එකෙන් බැහැලා අනිත් බස් එක ගන්න මම පෝලිමේ ඉන්නවා 
මෙන්න අරයත් බස්ටෑන්ඩ් එකේ ඉන්නවා 
සුදු වෙලා, ලස්සන වෙලා 
ඒත් අර ආඩම්බර පෙනුමනම් තාමත් එහෙමමයි 
බස් එකට නැගල මම වාඩිත් උනා 
අරය තාමත් කවුරුහරි එනකම් මඟ බලනවා 
බස් එකත් හෙමීට යන්න පටන් ගත්තා 
අන්තිම වතාවටත් එයා දිහා බැලුවා 
වෝල්ට් 33000ක් වදිනවා වගේ දැනුන එක පාරටම 
බලාගෙන හිටපු කෙනා ඇවිත් 
මම අහක බලාගත්ත 
ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙනව කියලා තේරුනේ එදා තමයි 
මොනව කරන්නද ඉතින් 
විරහ ගීත සීඩී එකක් කරන්න පුලුවන් තරමට අදහස් ගලා ගෙන ආව 
කිසිම ට්‍රයි එකක් නොදීපු එකේ 
 දුක්වෙන එකේ තේරුමක් නැති බව තෙරෙන්න සති ගානක් ගියා 
බෙල්ල ගහල ගියත් හිත ගිය තැන මාළිගාව හදන්න නම් දෙපාරක් හිතන්න එපා 

අඳුරු මතකය


අඳුරු මතකය 


මතකය කෙළවරේ 
හදවත අද්දර 
ඇගේ හැඩ රුව සැඟවෙලා 
දෝරේ ගැලූ ආදරය 
තනි වී දුකින් 
සිඳී වියලී අසරණව 
පාට සිහිනවල රැදුනු සුවඳින් 
පණ ලැබෙන මුත් ජීවිතයට 
ආසයි මමත් හිනැහෙන්නට 
සැබෑම සතුටින් ලෝකයට 

Wednesday, January 23, 2013

රෝහලක දිනක්


රෝහලක දිනක් 


දිනක් ගෙවන්න 
ජිවිතේ දැන ගන්න 
විදින සතුටේ 
දකින සිහිනේ 
අරුත් රහිත බව වැටහෙන්න 
මරණයේ, වේදනාවේ සරල බව 
ජීවිතයක වටිනාකමේ ලන්සුව 
ඇස් දෙකෙන් දකින්න 
වේදනාවෙන් හඬ නගන්නෙකුගේ 
වේඳනාව සවනින් විඳින්න 
ජීවිතයේ අනිත්‍ය 
සැබෑ අරුත අත් විඳින්න 
රෝහලක දිනක් ගෙවන්න 

Tuesday, January 22, 2013

නැගීසිටීමට කාලයයි


නැගීසිටීමට කාලයයි 


තලන්නට වෙහෙසුනත් යකඩය 
වෙන්නේ පන්නරය ලැබීම නොවේද 
රිදවන්නට වෙර දැරුවද 
වන්නේ එක්ව නැගී සිටීමකි 
අයිතිය උරුමය වෙනුවෙන් 
අපහාසයට වෛරයට එරෙහිව 
නැගීසිටීමට කාලයයි 

Monday, January 21, 2013

පරිත්‍යාගය


පරිත්‍යාගය 


මම හෙව්වේ, මගේ කැමත්ත තිබුනේ ඔයා වගේ කෙනෙක්ට
ඒත් ඔයාට මම වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ කියල 
මට තේරුම් ගියේ ටිකක් පහු වෙලා 
අපි අතරේ ලොකු වෙනසක් තියනවා 
ඒ වෙනසට හේතු ගොඩයි 
සමහර ඒව සමාජයේ වැරදි 
තවත් ඒව මටත් දරා ගන්න බැරි, මාත් අකමැති දේවල් 
මොන ප්‍රශ්න තිබුනත් හැම දේම අමතක කරලා 
ඔයා මගේ ලගට එන්න කැමත්තෙන් හිටියේ 
ඒත් මටවත් සතුටක් නැති මගේ ලෝකයට ඔයාවත් ඇදලා අරන් 
ඔයාටත් දුකක් දෙන්න මට හිත හදාගන්න බැරි උනා 
ඒකයි ඔයාට මගෙන් ඈත් වෙන්න දීල මම බලාගෙන හිටියේ 
මේක මගේ අවාසනාව, ඔයාගේ වාසනාව 
ඔයා වෙනුවෙන් මගේ සතුට, සැනසුම මම පරිත්‍යාග කරා 

ඔයා හැමදාම සතුටින් ඉන්න 

Saturday, January 19, 2013

තහනම



තහනම 


               නොකීවාට රහසින් 

                කතා කරයි ඔය  නෙත් 
                වශී වුනත් මා නම් 
          නොමැත ඔබෙන් ඇරයුම් 
          සිතින් නැගෙන හසරැල් 
            පෙනෙයි ඔබේ දෑසින් 
             සිතේ තියෙන හැඟුමන් 
            ඇයි කියන්න තහනම් 
            නෙතේ වැටෙන දසුනෙන් 
             අඩයි හදත් නිතතින් 
           ඇයි කියන්න තහනම් 
           ලඟින් ඉන්න මට දැන් 

Friday, January 18, 2013

ආදරයට පාඩමක්


ආදරයට පාඩමක් 


ආදරය කියන්නේ විශ්වාසය
ඒත් විශ්වාසය රැකගෙන ඉදල විතරක් මදි 
තමන්ගේ ආදරය, තමන් ආදර කරන කෙනාට  පෙන්නන්නත් ඕන 
පුළුවන් තරම් ලගින් ඉන්න උත්සාහ කරන්න ඕන 
එහෙම නතුව,
 ' ඔයා දන්නවනේ මොනව කරත් මම ඔයාට ආදරෙයි කියල ' 
කිය කිය වැඩිකල් ආදරයක් ගෙන යන්න බැහැ 
ඒ වගේම සමාව දෙන එකත්, ඉක්මනටම තරහ අමතක කරන එකත් 
ගොඩාක් වැදගත් 
හැමෝම මිනිස්සු හැමෝගෙම අතින් වැරදි වෙනවා 
වෙච්ච වැරද්ද අතපසු වීමක් නම් 
එහෙමත් නැත්තම් පොඩි දෙයක් නම් 
පුළුවන් ඉක්මනින් සමාව දෙන එක වැදගත් 
මොකද ආදරය කරන්න පටන් ගන්නේ 
ජීවිත කාලයේම එකට ඉන්න බලාපොරොත්තුවෙන් නිසා 
තමන් ආදරය කරන කෙනාට ආදරය වැඩි වෙන්න වැඩි වෙන්න 
එයා අතින් වෙන පොඩි දේටත් ගොඩක් හිත රිදෙනව තමයි 
ඒත් ඒ හිත පුළුවන් තරම් ඉක්මනට ආපහු හදා ගන්න 
හැබැයි ඉතින් ආදරය කරන අය අතරේ පොඩි වලියක් යන එකනම් 
අසාමාන්‍ය දෙයක් නෙමෙයි 
ඒවගේ දේ වලිනුත් ආදරය වැඩි වෙනවා ගොඩක් වෙලාවට 
වැදගත්ම දේ තමයි ආදරය වෙනුවෙන් කැපවීම් කරන්න සූදානමින් සිටීම 
ආදරය කියන්නේ ජීවිතයට ගොඩාක් වටින දෙයක් 
එවගේ දෙයක් වෙනුවෙන් කැපවීමක් කරන්න බැරි කෙනෙක් 
ආදරය කරන්න සුදුසු නෑ 

ඉවසමු


ඉවසමු 


බුරබුරා නැගෙන සිතුවිලි 
සමනය කර නොගෙන 
කෝපය වේගය ලෙස පිට කල විට 
ලේ සෙලවී හද රිදවී 
වන්නේ හානියක්ම පමණක් නොවන්නේද 
ඔබෙත් මගෙත් අනාගතය උදෙසා 
ඉවසමු 
රටෙත් ලොවෙත් අනාගතය උදෙසා 
ඉවසමු 

Thursday, January 17, 2013

Bad Worse Worst


Bad Worse Worst 


if it rain all day it's bad
when there's no electricity that's bad
no credit in the phone it's bad too 
if i lost my wallet it's worse than few things 
when I fail the exam that's worse than something
if sun won't come next morning it's worse than a lot of things 
but the worst thing is YOU LOVE HIM 


Wednesday, January 16, 2013

මතකය


මතකය 


සීතලට ඇද වැටෙන පොද වැස්සේ ගුලි වෙලා 
මතකයිද සඳ එළියේ තරු ගැන්නා තනි වෙලා 
කහ පාට මල් වැටුන ගුරු පාරේ දොළ අයිනේ 
මතකයිද අපි දෙන්නා පිය මැන්නා හැන්දෑවේ 
කිරි වැදුන නිල් ගොයම් දඟ කරන වෙල් යායේ 
මතකයිද අපි දිව්වා පොඩි කාලේ ගම් මැද්දේ 
පොද වැස්සේ පිපුන මල් අද හොරෙන් පරවෙලා 
නිල් ගොයම සිත දුකින් තනි කමෙන් වියළිලා 
ගම දාලා ගිය දාම ඔබ මගෙන් වෙන් වෙලා 
මෙහි තිබුන සිරියාව නැත කොහිද සැඟවෙලා 

Hello - Lionel Richie


Hello 



I've been alone with you inside my mind
And in my dreams I've kissed your lips a thousand times
I sometimes see you pass outside my door
Hello, is it me you're looking for?

I can see it in your eyes
I can see it in your smile
You're all I've ever wanted, (and) my arms are open wide
'Cause you know just what to say
And you know just what to do
And I want to tell you so much, I love you

I long to see the sunlight in your hair
And tell you time and time again how much I care
Sometimes I feel my heart will overflow
Hello, I've just got to let you know

'Cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely, or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying, I love you

Hello, is it me you're looking for?
'Cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying I love you

Watch 

Download mp3

Princes Roselinda


Princes Roselinda


Like a dream like a magic 
you're written in my mind 
smile, which is you smile 
how can I get it out of my mind
gorgeous walk royal words 
catch my heart  hit my heart 
like a dream like a magic 
you'll be the queen 
princes Roselinda


Tuesday, January 15, 2013

ඔබ කොහෙද


ඔබ කොහෙද 


කෙනෙක් ගේ හිත රිද්දන්න තරම්
මගේ හිත දරුණු නෑ 
ඒ වුනත් මගේ හිත රිඳුන වෙලාවට 
මගේ හිත හදන්න කවුරුවත් හිටියෙත් නෑ 
ඒක නිසාම මගේ හිතත් දැන් ගලක් වගේ 
ඔයාගේ ආදරේ මට දැනුනට 
මට බැහැ ඔයාට ආදරය කරන්න 
එකම වැරද්ද දෙපාරක් කරන්න මට ඕන කමක් නෑ 
මම මගේ ගැන විතරක් හිතනව නෙමෙයි 
ඒත් මගේ සතුටත් මට වැදගත් නේද 
මම හොයන කෙනා මේ ලෝකෙ කොහේ හරි ඇති 
මට ආයෙමත් ආදරය කරන්න පුලුවන් 
එයාටම විතරයි 


උන්මාද සිතුවම්


උන්මාද සිතුවම්


බිඳුනු පෙමින් ගිනි ගන්නා හදවත් වලට ගුණදාස කපුගේ ශූරීන් ගේ උන්මාද සිතුවම් 


උන්මාද සිතුවම් මැවී පෙනේ
මීදුම වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කොට සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
හඞා වැටෙන් සිත සදාසරණ මට
තනිවේවි එක්ටැම්ගේ

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කොට සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ

official music video එකක් නම් නෑ ඒත් ගොඩක් වීඩියෝස් නම් තියෙනවා, TV එකේ යන එක මෙතනින් බලා ගන්නකෝ 
මේක ටිකක් quality වීඩියෝ එකක් 

මේ ගීත සියල්ල එකවර Download කර ගන්න 
66.52 Mb

                                               01.උන්මාද සිතුවම්
                                               02.දෑස නිලුපුල් තෙමා
                                               03.සිටු කුමාරියේ
                                               04.අභිසාරිකාවන්ගේ
                                               05.දුකහාදු දෙන රැයේ
                                               06.වෙල්ලස්සේ ගීතය
                                               07.ආවාදෝ සංසාරේ
                                               08.දම්පාටින්ලා සද බැස යනවා
                                               09.දවසක් පැල නැති
                                               10.සද රෑ සිහිනයේ
                                               11.අයියන්ඩියේ නුඹ ඇවිදින්
                                               12.සීතල සද එලියේ
                                               13.මං මුලාවී පාර හොයාගෙන
                                               14.දෙතොළ නොකි දේ
                                               15.ආං නගේ තල් අත්තේ
                                               16.ප්‍රථම ප්‍රේම සිහිනය
                                               17.අහස උසට නැග ගියාට
                                               18.උතුරැ කොනේ

Facebook ප්‍රේමය



Facebook ප්‍රේමය 


Hi කියලා පටන් ගන්න friendship එක 

dear , darling කියනකොට ටිකාක් දුර දිග ගිහින් 
♥ එක chat එකට එකතු වෙනකොට 
ආදරේ ටික ටික මෝදු වෙන්න පටන් අරන් 
mobile number එක share කර ගත්තට පස්සේ නම් 
fb පැත්තේ  එනවත් අඩුයි
දෙන්නා කතා වෙලා කොහෙදි හරි meet  වුන දවසෙම 
හරියටම ආදරේ කරන්න පටන් ගන්නවා 
 ( එහෙම නොවෙන්නත් පුළුවන්  )  

ආදරේ කියන්නෙ මෙච්චරම සරල දෙයක්ද? 
ඔව්, ආදරේ කියන්නේ හරියට අහසේ තියන 
පාර කියන තරුවක් වගේ 
තරුව දිහා බලාගෙන තරුවට වශී වුනාට 
ඇත්තටම අපි යන්නේ තරුවට නම් නෙමෙයි නේද...... 


Sunday, January 13, 2013

Miss You


Miss you


In beautiful sun shine
you were walking in the street
I was watching you in the balcony 
your hair was shining in the sun light 
as my eyes with love 
next day I was waiting for you
with hopes and flowers
you came with rain and smile 
I was stun and wordless 
I lost myself and didn't talk to you 
I was waiting in next day too 
waited waited and waited 
but you never ever came 
I'm missing you and your sweet smile
since then with tears 









Saturday, January 12, 2013

ඔබ


ඔබ මගේ 


මල් සුවඳ ගැවසෙන
පෙම් හැගුම් පුබුදන
මිහිරි ගී මුමුණන
ඔබයි මගේ සිහිනය

හිරු කිරණ පැතිරුන
මිහිකතේ විකසිත 
කුසුම සේ හැඩ වුන
ඔබයි මගෙ ජීවය 

දුර අහසෙ තනිවුන 
තරු වලින් හැඩවුන 
සඳක් වන් සිසිලස 
ඔබයි මගෙ සැනසුම 

සීතලට ගුලිවෙන 
ආදරෙන් කොඳුරන 
උනුහුමෙන් තනිවෙන                
ඔබයි මගෙ ආලය 




You're still the one



You're still the one

Real nice song Enjoy !

Shania Twain's You're Still The One Lyrics:


Looks like we made it

Look how far we've come my baby
We mighta took the long way
We knew we'd get there someday



They said "I bet they'll never make it"
But just look at us holding on
We're still together still going strong



(You're still the one)
You're still the one I run to
The on that I belong to
You're still the one I want for life
(You're still the one)
You're still the one I love
The only one I dream of
You're still the one I kiss good night



Ain't nothin' better
We beat the odds together
I'm glad we didn't listen
Look at what we would be missin'
They said "I bet they'll never make it"
But just look at us holdin' on
We're still together still goin' strong



(You're still the one)
You're still the one I run to
The one that I belong to
You're still the one I want for life
(You're still the one)
You're still the one I love
The only one I dream of
You're still the one I kiss good night



(You're still the one)
You're still the one I run to
The one that I belong to
You're still the one I want for life
(You're still the one)
You're still the one I love
The only one I dream of
You're still the one I kiss good night



I'm so glad we made it
Look how far we've come my baby




Hopes


Hopes


I knew it's a dream though 
I love you from the moment I saw you
It's the truth, I can't own you
but i hope I'll own you

It's the way, life hurt more 
but the truth, I can't go
have to face, and learn more 
to find a way, to reach you 

every day I think more 
try to be so close to you 
every step does hurt more
your smiles bring hopes though 

















Friday, January 11, 2013

මරණය


සිතක මරණය 


උමතු වූ හද අඳුරු කුටියක 
සිතක මරණෙට තනි රකියි 
අඩන කම්මුල නිහඩ මුවගට 
ලබුන හාදුවේ සුව කියයි 

තනි වු අතැඟිලි දැවෙන දෙනෙතට 
දැනුනු සියුමැලි හැඩ කියයි 
මිහිරි මතකයේ රැදුනු ඔබේ සුව 
මියැණු සිත යලි පණ පොවයි 

චින්තනය

නූතන ලෝකයේ ඉපැරණි චින්තනය 


සෙමින් ගැඹුරින් ගලා ගිය ප්‍රේම ගංඟාව
බාධක හමුවේ නොසැලී හැඬ වෙමින් පෙරටම
දහමට අකැප මනු සිතිවිලි නියගයෙන් වියලී
ජිවිත මිහිකත අද සොවින් පිපාසිතව  වැලපේ



දෛවය



දෛවයට  එරෙහිව මම 

  
උපන් දා සිට ඔබට එරෙහිව මා 
මගේ සිතුවිලි වලට එරෙහිව ඔබේ අණ 
ඔබේ මගට එරෙහිව මගේ අරගලය 
මට අවැසි දේට එරෙහිව ඔබේ තහනම 
ඔබට අවැසි දේට එරෙහිව මගේ විරෝධය 
වලියකි ගැටුමකි යුද්ධයකි 
දිනන්නට පොරයකි තරඟයකි 
අවසානයේ ජය ඔබටය 

ffදවයට පරදින අසරණයා මමය  



නැගීසිටිමු



සිංහයන්  අවදිවිය  හැක 


මෙය අපේ මව් බිමයි 
කාටත් පෙර අපි මෙහි ජීවත් විය යුතුයි 
මෙය බුදුන් වැඩි පින් බිමයි 
සැමට පෙර මෙහි බුදු දහම සුරැකිය යුතුයි 
සියල්ලන් සමඟ සුහද වන බෞද්ධ සිත 
අසාධාරණයෙන් හෝ අයුක්තියෙන් දූෂණය කිරීමෙන්
 නිදා සිටින සිංහයන් අවදිවිය හැක 


Thursday, January 10, 2013

1st year

සරසවියේ වසරක් 



විවිධ මිතුරන් අතර 
සියළු  අභියෝග මැද 
නොයෙක් බාධක සමග 
දුක සතුට හා කෝපයද මිශ්‍රව 
ලුනු නැති කෑම 
කිරි නැති tea
නිදි නැති රෑ 
සමඟ මිත්‍රව 
වෙනසක් වෙනුවෙන් වැය කල 
ජීවිතය කුමක් දැයි සෙවූ 
වැඩිපුර ගෙදර සිටි 
ආශ්චර්‍යමත් වසරක් 




Tuesday, January 8, 2013

අළුත් වූ මතකය

අළුත් වූ මතකය 


නෙතින් නෙතට මිමිනූ කතා 
මුවින් මුවට පැතිරූ සිනහා 
නැතත් මතුව ඔබ හා කතා 
සිතක් පුරාවට ඔය රුව අඳිලා 

Saturday, January 5, 2013

තරු එලිය නිම වෙලා



තරු එලිය  නිම වෙලා 



අහිමි රුව නෙත ගැටෙයි 
ඇගේ හඬ තව ඇසෙයි 
බිදුනු සිත තව රිදෙයි 
පමා වී මා තැවෙයි 

පිපි කුසුම පරවෙලා 
තිබු පැතුම් බොද වෙලා 
ලැබු සෙනෙහෙ නිම වෙලා 
ඔබත් අද වෙන් වෙලා 

 දුර  සදට පෙම් කරා 
තරු එලිය නොසලකා 
සඳ නොමැත හිමි වෙලා 
තරු එලිය  නිම වෙලා 


දුක නිවන මග






දුක නිවන මග 


බලාපොරොත්තුවක් නැති 
සිහිනයක් නැති 
සුබ අනාගතයක පෙරනිමිති නැති 
අකමැති අපහසු මගක යන 
රැකි ආලයද පැතු නිදහසද අහිමිව 
 සිත සැනසුමද නැති කල 
කෙලවරක් නැති සසරේ කෙලෙස සරම්ද 
දුක නිවන බුදුනි වඩිනු මැන