Social Icons

Tuesday, February 19, 2013

Exam


Exam


අකමැතිම දවසක
අකමැතිම කාලෙක 
ඇසුනු අකමතිම වචනය 
Exam ලඟම එනවළු 

කොහෙන් පටන් ගන්නද 
කවද පටන් ගන්නද 
කොහොම මතක තියා ගන්නද 
නැති නෝට්ස් කොහෙන් හොයන්නද 

දැල් බැඳුනු මතකය 
කොහොම අලුත් කරන්නද 
කොහෙම නිදිවරන්නද 
උදෙන් නැගිටින්නේ කොහොමද 

Exam ලඟයි අනේ 

Sunday, February 17, 2013

වැලන්ටයින්



වැලන්ටයින් 


රතු රෝස මල් සමඟ 
නේකවිඳ සිහිවටන 
සමඟ තනිව හුදකලාව 
පුද දෙයි සියලු දේම 
ආදරයේ නාමයෙන් 

ආදරය නොහදුනන 
ජීවිතය නොතේරෙන 
රාගයෙන් සිහි නැතුව 
අයියෝ අහිංසක කෙල්ලෝ 
විනාස වෙයි 

ආදරය පමණක් නැති 
වැලන්ටයින් දින තොසින් 

Monday, February 4, 2013

දුක


දුක 


දුක කියන්නේ අපි හැමෝටම උරුම දෙයක් 

අඩු වැඩි වශයෙන් අපි හැමෝටම දුක් විදින්න වෙනවමයි 
කෙනෙක්ගේ දුකක් තෙරුම් ගන්න පුලුවන් 
දුක් විදපු කෙනෙක්ට විතරමයි 
ඒවගේම කෙනෙක්ගේ දුකක් නැතිකරන්න පුලුවන් 
එයාට වඩා දුක් විදපු කෙනෙක්ට විතරයි 
කොහොමද දුකෙන් ගැලවෙන්නේ 
ගැලවීමක් නම් නෑ 
ඉපදුනා නම් දුක් විදින්නම වෙනවා 
හිත හයිය නම් 
දුක දරාගන්න පුලුවන් හැකියාව වැඩියි 
කෙනෙක්ට දුකක් නොවී ඉන්න පුලුවන් නම් 
සමහරවිට ඔයාට දුකෙන් මිදෙන්න පුලුවන් වෙයි