Social Icons

Wednesday, January 30, 2013

AL රිසල්ට්ස්


AL රිසල්ට්ස්


 AL රිසල්ට්ස් කියන්නේ හරි පුදුම දෙයක් 
එනව කියන දවසට කවදාවත් එන්නේ නෑ 
එයි කියල හිතන රිසල්ට් එක එන්නෙත් නෑ 
මොන රිසල්ට් එක ආවත් මදි වගේ 
ඒව කමක් නෑ කියමුකෝ 
ජීවිතේට කෝල් කරන්නේ නැති අය රිසල්ට් ආපු දාට කෝල් කරනවා
 රිසල්ට් එක අප්සට් නම් එකම ගෙදරින් කෝල්ස් දෙක තුන එනවා 
අවුරුදු දෙකක් කාපු කට්ට අමතක වෙනවා කෝල් වලට උත්තර දෙන්න ගියාම
 ඒවත් කමක් නෑ කියමුකෝ එකට හිටිය යාලුවට අපිට වඩා රිසල්ට්ස් වැඩි වුනොත් එහෙම... 
ගෙදර ඉදලත් හමාරයි අම්මයි තාත්තයි වෙනද වගේ නෑ 
අන්තිමට අපේ රිසල්ට් එක ගැන සතුටු වෙන්නේ අපි විතරයි
 රිසල්ට් අහන අය, exam ලියපු කෙනාගේ මනසික තත්වේ ගැනත් පොඩ්ඩක් හිතුවොත් 
මේලෝකේ කොච්චර සුන්දර තැනක් වෙයිද........... 

තමන් ෆේල් වෙනකම් බලන් ඉන්න කෙනෙක් රිසල්ට් ඇහුවම 
ෆේල් කියල එයාව සතුටු කරන්න පොඩි බොරුවක් කියන්නත් අමතක කරන්න එපා 
Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment