Social Icons

Wednesday, January 16, 2013

මතකය


මතකය 


සීතලට ඇද වැටෙන පොද වැස්සේ ගුලි වෙලා 
මතකයිද සඳ එළියේ තරු ගැන්නා තනි වෙලා 
කහ පාට මල් වැටුන ගුරු පාරේ දොළ අයිනේ 
මතකයිද අපි දෙන්නා පිය මැන්නා හැන්දෑවේ 
කිරි වැදුන නිල් ගොයම් දඟ කරන වෙල් යායේ 
මතකයිද අපි දිව්වා පොඩි කාලේ ගම් මැද්දේ 
පොද වැස්සේ පිපුන මල් අද හොරෙන් පරවෙලා 
නිල් ගොයම සිත දුකින් තනි කමෙන් වියළිලා 
ගම දාලා ගිය දාම ඔබ මගෙන් වෙන් වෙලා 
මෙහි තිබුන සිරියාව නැත කොහිද සැඟවෙලා 
Share This Post
Share to Facebook Share to Twitter Share to Google+ Share to Blogger Share to Email Share to Yahoo Messenger More...

No comments:

Post a Comment