Social Icons

Featured Posts

බලාපොරොත්තු නොවන වෙලාවක සැබෑවුන හීනයක්, ජීවිතය හිතන තරම් නරක නෑ කියල කියනව. අමතක කරල තියෙන හීනයක් සැබෑ වුනොත් ජීවිතේ සුන්දරද මෙතරම් කියල හිතෙයි. හීන කියන්නේ ජිවිතේට ඕනම කරන දෙයක් , දකින දකින හැම හීනෙම සැබෑ වෙන්නේ නම් නෑ. හැබෑ වෙන හීන විතරයි දකින්න ඕන කියල නීතියකුත් නෑ. බිඳුනු හීන නිසා වේඳනා විදින්නේ නැත්තම් ඕන තරම් හීන දකින්න පුලුවන් ජීවිතේ දකින පාට පාට හීන අතරින්, සැබෑවුන හීන ගැන විතරක් හිතන්න. එතකොට පාට සිහිනයක් වගේ ජිවිතේ ලස්සන වෙයි.

Sunday, November 3, 2013

අහිමි සරසවි පෙම

අහිමි සරසවි පෙම



අහිමි සරසවි පෙමක

මතක යලි යලි නැගෙන
දුරක නොව ඔබ ලගම
සැරිසරයි නෙත් මානයෙම



විටෙක ඔබ හා තැනක
ගෙවන කාලය මැවෙන
නමුදු බැහැ මුනගැසුම
දුරින් පමනි ඔබ දැකුම

පණිවිඩ ඔබ මා අතර
පියඹයි රෑ වෙබ් අතර
හැඟුමන් සිරවී සිත් අතර
රිදුම් දෙනවා නේ නිතර

රුව ඔබේ හැඩකාර
වෙන වේද හිමිකාර
හිත මගේ දඟකාර
අන් සතුයි සැකනෑර

Wednesday, March 13, 2013

තවම සොයමි මම


තවම සොයමි මම 


තනිකම විතරයි අද ඔබ වෙනුවට
දුක විතරයි හිත තුලින් තැවෙන්නට
දකින පෙනෙන සැම තැනකම
ඔබව සොයනකොට
කවදා නම් ජීවිතය විඳින්නද
හදවත ලස්සන හිත යන ලස්සන
දෙකම තියෙන ඔබ
තවම සොයමි මම 


Friday, March 1, 2013

අඬන්න මට කඳුළු දෙන්න



ඈත අහස දෙස බලාන
දිලෙන තරුවකට මාගේ
හිතේ තියන දුක කියන්න
දෑස රිදෙන තුරු හඬන්න
අඬන්න මට කඳුලු දෙන්න

ජීවිතයේ තනිකම නිවෙන්න
සිනහව යලි කැන්ද ගන්න
දැඩි සිතකින් පෙරට යන්න
හිතේ තියන දුක නිවෙන්න
අඬන්න මට කඳුළු දෙන්න

නිල් අහසට කවි ලියන්න
සොම්නස පිරි ගී ගයන්න
නැවතත් මට හිනාවෙන්න
දොම්නස මගෙ පහව යන්න
අඬන්න මට කඳුළු දෙන්න

By: Dilini Thilakarathne

ඔබේ දෙනුවන්

ඔබේ දෙනුවන්
මොහොතකට හෝ
තනි වේවි
දහසක් නුවන් මැද

ඔබේ හදවත
ගොළු වේවි දිනයක
හුරුපුරුදු හිනැහෙන
හදවතක් ළඟ

ඔබේ සිනහව
මියයාවි සිටියත්
සොම්නසින් පිරි
ලෝකයක් මැද

ඔබේ සිතිවිලි
දිවයාවි දුර
ඈත නොපෙනෙන
අතීතයකට

ඒ නිහඬ සිතිවිලි
හිදීවී නුඹ ළඟින්
තනිනොතනියට සැම විට

By : Dilini Thilakarathne

Tuesday, February 19, 2013

Exam


Exam


අකමැතිම දවසක
අකමැතිම කාලෙක 
ඇසුනු අකමතිම වචනය 
Exam ලඟම එනවළු 

කොහෙන් පටන් ගන්නද 
කවද පටන් ගන්නද 
කොහොම මතක තියා ගන්නද 
නැති නෝට්ස් කොහෙන් හොයන්නද 

දැල් බැඳුනු මතකය 
කොහොම අලුත් කරන්නද 
කොහෙම නිදිවරන්නද 
උදෙන් නැගිටින්නේ කොහොමද 

Exam ලඟයි අනේ 

Sunday, February 17, 2013

වැලන්ටයින්



වැලන්ටයින් 


රතු රෝස මල් සමඟ 
නේකවිඳ සිහිවටන 
සමඟ තනිව හුදකලාව 
පුද දෙයි සියලු දේම 
ආදරයේ නාමයෙන් 

ආදරය නොහදුනන 
ජීවිතය නොතේරෙන 
රාගයෙන් සිහි නැතුව 
අයියෝ අහිංසක කෙල්ලෝ 
විනාස වෙයි 

ආදරය පමණක් නැති 
වැලන්ටයින් දින තොසින් 

Monday, February 4, 2013

දුක


දුක 


දුක කියන්නේ අපි හැමෝටම උරුම දෙයක් 

අඩු වැඩි වශයෙන් අපි හැමෝටම දුක් විදින්න වෙනවමයි 
කෙනෙක්ගේ දුකක් තෙරුම් ගන්න පුලුවන් 
දුක් විදපු කෙනෙක්ට විතරමයි 
ඒවගේම කෙනෙක්ගේ දුකක් නැතිකරන්න පුලුවන් 
එයාට වඩා දුක් විදපු කෙනෙක්ට විතරයි 
කොහොමද දුකෙන් ගැලවෙන්නේ 
ගැලවීමක් නම් නෑ 
ඉපදුනා නම් දුක් විදින්නම වෙනවා 
හිත හයිය නම් 
දුක දරාගන්න පුලුවන් හැකියාව වැඩියි 
කෙනෙක්ට දුකක් නොවී ඉන්න පුලුවන් නම් 
සමහරවිට ඔයාට දුකෙන් මිදෙන්න පුලුවන් වෙයි