පොද වැස්සෙ සිතලට
ගුලිවෙලා තෙමි තෙමිම
එක කුඩෙන් හිටිය හැටි
මතකයිද දොළ අයිනේ
තනි වෙලා අඩ අදුරේ
වැසි දියත් දොළ දිගේ
පහලටම බැස ගිහින්
දොළ අයිනෙ පිපුන මල්
පරවෙලා අද සොවින්
අඩනවා තනිකමට
ඔබ ඇවිත් මතකයට
ගලන කදුළැල් වලින්
අතිතය මතු වෙලා
ගෙවුන ඒ මල් සමය
කොයි කියා අහනවා
ඔබ ගියා දුර ඈත
නොඑන්නට කිසි දිනෙක
තනි කරල මා සදා
නොපැතුවම විලසින්
ගං දියේ සැගවිලා
No comments:
Post a Comment