ඔබේ දෙනුවන්
මොහොතකට හෝ
තනි වේවි
දහසක් නුවන් මැද
ඔබේ හදවත
ගොළු වේවි දිනයක
හුරුපුරුදු හිනැහෙන
හදවතක් ළඟ
ඔබේ සිනහව
මියයාවි සිටියත්
සොම්නසින් පිරි
ලෝකයක් මැද
ඔබේ සිතිවිලි
දිවයාවි දුර
ඈත නොපෙනෙන
අතීතයකට
ඒ නිහඬ සිතිවිලි
හිදීවී නුඹ ළඟින්
තනිනොතනියට සැම විට
By : Dilini Thilakarathne







No comments:
Post a Comment